පිරිසක් සතුටු වෙනවිට පිරිසක් සුසුම් හෙළන කාල වකවානුවක යුද්ධයක් දිනුවෙ කව්ද ?පරාජය වුනේ කව්ද? යන්න අවුරුදු අටක් ගිහිල්ලත් මතක් කරමින් කාවවත් රිදවනවට වඩා හැකි පමණින් මිනිස් සිත් සුවපත් කිරීම වඩා වටිනා බව තේරුම් ගත් අය නිහඩව තම තමන්ගේ කාර්්‍යයන් කරනවා.
Buddika Kadurugamuwa බුද්ධිකා කදුරුගමුව මගේ යෙහෙළිය සිය විශේෂ අවදානය මුලතිව් උනනප්පුලාව් කණිෂ්ට විද්‍යාලය වෙත යොමු කළේ අදක ඊයෙක නෙමේ. 2010 වසරේ ඇය යුධහමුදාවේ මග පෙන්වීම යටතේ මුලතිව් නගරයෙන් කිලෝමීටර් 7ක් පමණ ඇතුළට වන්නට ඇති අති දුෂ්කර උන්නප්පුලාව් ගමේ ඇති එකම ප්‍රාථමික පාසල නැවත ප්‍රථිසංස්කරණය කරලා දුන්නේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් යමක් කිරීමේ නොතිත් ආශාවෙන්.
ඉන් වසර පහකට පසු 2015 දි Buddika Kadurugamuwaබුද්ධිකා කදුරුගමුව සහ අපි කණ්ඩායමක් සමග යුධ හමුදා නිළධාරීන්ගේ ද අනුග්‍රහය ඇතුව දරුවන් ගේ සිහිනයක් සැබෑකිරීම වස් දරුවන් 50ක් රැුගෙන දින දෙකක සංචාරයකට කොළඹ නගරයට අරන් ආවා.
මේ දරුවන් ජීවිතේ ප්‍රථම වතාවට දුම්රිය ගමනක ට එක්කරන් ගියා වගේම ගෝල්ෆේස් ඇවිත් ඇති තරම් සතුටු වුනා. වරායත්, දෙහිවල සත්ත්ව උද්‍යානයත්, නිදහස් චතුරශ්රයත් බලපු දරුවන් දින දෙකක සංචාරය නිමාකොට ප්‍රවේශමෙන් යළි තම ගම් බිමි බලා ගියා. ඒ දරුවන්ගේ සෑම අවශ්‍යතාවක්ම නොපිරිහෙළා ඉටු කොට ඔවුන්ව සතුටින් තියන්න බුද්ධිකා ත් කණ්ඩායමත්, යුධ හමුදා නිළධාරීන් විශේෂ කැප කිරීමක් කළා.
ඉතින් ,යළිත් වසර තුනකට පසු අපි ආපහු මුලතිව් උන්නප්පුලාව් කණිෂ්ට විද්‍යාලයට ගියා. ඒ ගමනත් ගියේBuddika Kadurugamuwaබුද්ධි නංගිගේ විශේෂ උවමනාව මත. ඒ පාසලේ ඉගෙන ගන්න කුඩා දරුවන්ට පාසල් බෑග්, වතුර බෝතල් සහ දරුවන්ට අවශ්‍ය පොත් පත් පෑන් පැන්සල් ඇතුළු පාසල් උපකරන ලබා දෙන්න. ඒ විතරක් නෙමේ පාලසලේ ගුරුවරියන් 06 දෙනාටත් විදුහල්පති තුමාටත් පාසලේ දරුවන්ගෙ පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නත් අවශ්‍යවුනා.
ඒ අනුව බුද්ධි නංගි ගේ මූල්‍ය අනුග්‍රහයෙන් යුධහමුදාවේ මුලතිව්හි 592 බල සේනාවේ ප්‍රධානී කර්නල් ශානක රත්නායක ගෙ සංවිධානත්වයෙන් අපි මුලතිව් උන්නප්පුලාව් කණිෂ්ට විද්‍යාලයට පසුගිය May 16 වෙනිදා නෑ ගමනක් ගියා. උදේම ගිහින් ඒ දරුවන්ට අපි ගෙනාපු තෑගි පිරිනැමුවා. දෙමව්පියන්ට අවශ්‍ය වියළි ආහාර පිරි නැමුවා. දරුවන් සහ දෙමව් පියන් වගේම පාසලේ සියලු ම දෙනා හිටියෙ හරිම සතුටින්.
පාසලේ තව එක ගොඩ නැගිල්ලක් හදලා දෙන්න තියෙනවා. විදුහල්පතිවරයට කාර්යාලයක් නැහැ. විවේකාගාරයක් නැහැ. කඩා වැටෙන්න ආසන්න ගොඩ නැගිල්ලක මේ සියලු දෙනා ඉන්නෙ. බුද්ධි නංගි ඒ ගොඩ නැගිල්ල හදලා දෙන්න පොරොන්දු වුනා. ඒකට හමුදාවේ නිළදාරීන් සහයෝගය දෙන බව කිව්වා.
මුල්ලිවෙයික්කාල් වල මිනිස්සු තවමත් ඉන්නවා ඇත්තේ දුකෙන් ... ආර්ථික පීඩාවෙන් උන්නප්පුලාව් ගමේ මිනිස්සු ඉන්නෙත් දුකෙන් ආර්ථික පීඩාවෙන්. නමුත් ඔවුන් දරුවන්ව පාසල් එවලා හැකි විදිහට තමන්ගෙ බඩ වියත් රැුකගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. නගරයේ අයත් හැකි පමණින් තම ව්‍යාපාරික කටයුතු කරමින් එදිනෙදා කටයුතු කරනවා. මේ අය තම ජීවිත යළි ගොඩ නගාගන්න උත්සාහ කරනවා
දකුණෙ අය සැමරුම් දින ගෙනත් ඒ හිත් ආයෙත් රිදවනවා. මහපොළවෙ ඉරි ගහලා මායිම් හිටවනවා. ඒත් ඒ මිනිස්සු ජීවත් වෙන්න දගලනවා. දේශපාලකයන් තමන්ගෙ බලය තියාගන්න මිනිස්සු උසි ගන්වනවා.
අපිට හුගක් වැසි වස්සන්න බැරිවෙයි ඒ හිත් කතරවල් වලට... ඒත් ඉඳහිටක හැකි විලස මෙවන් සත්කාර මගින් ඒ හිත්වලට යම් සතුටක් සහනයක් ලබා දෙන්නට හැකිනම් මිනිස් කම යනු වෙන කුමක්ද...
ත්රස්තවාදියා, දෙමළා, මුසල්මානුවා, සිංහල ආදී වශයෙන් අපි එකිනෙකාට දික් කරන ඇගිලි දික්වෙන්නේ මිනිස්සුන්ට ම බව තේරුම් ගන්න බැරිතාක් කල් කොටසක් දුක් විඳියි කොටසක් සතුටු වෙයි.
Buddika Kadurugamuwaබුද්ධි ඔයාගෙ මේ හිතට ඇතිවන උවමනාව මේ රටෙත් රටෙන් එළියෙ ඉන්න අයටත් දැනේවා...මිනිස්කමේ සුවඳින් ලේ ගඳ වියැකේවා.
Kularuwan Gamage,kushan jayalath , sameera de silva , Mohamed Farshanමේ සැමට බොහෝ සේ ස්තුතියි.